ආණ්ඩුව ගොවීන්ට යුතුකම් ඉටුකරයි…වගා හානිවලට රු. 100,000ක වන්දියක්

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවය.

“ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතිනවා. ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා. ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා. ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා. අපි දැනුවත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.”

Spread the news

Comments

“ආණ්ඩුව ගොවීන්ට යුතුකම් ඉටුකරයි…වගා හානිවලට රු. 100,000ක වන්දියක්”ට එක් ප්‍රතිචාරයක්

  1. අන්න එහෙමයි සැබෑ ජනතා නායකයෝ. ඔබ රට නංවන බව පට විශ්වාසයි. ජය වේවා !!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *