නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් ලද ඉල්ලීමක් අනුව ඒ සඳහා අවසර ලබාදී ඇති බවය.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ලබාගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම දිනකට තිදෙනෙකුට ඔහු බැලීම සඳහා අවසර ලබාදී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසූ

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *