මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරනු ලබන තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර සංචාරක මණ්ඩලයේ අනුමැතිය හා සුරා බදු නිවේදන වලට අනුකූලව සැපිරිය යුතු අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිර්ණායකවලට අනුකූලව මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න