වාස් ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි…

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දෙනු ලැබීය.

එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන බවත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *