අමෙරිකාව සමග ද්වන්ධ මිසයිල සටනකට සූදානම් – ව්ලැදිමීර් පුටින්

අමෙරිකාව සමග මිසයිලමය ද්වන්ධ සටනකට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

එමඟින් රුසියාවේ නව ඔරෙෂ්නික් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයට ඕනෑම අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් පරාජය කළ හැකි ආකාරය පෙන්විය හැකි බව ද පුටින් පවසා ඇති අතර, එවැනි අත්හදාබැලීමකට සූදානම් බවත් පුටින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර රුසියානු සැලසුම් මෙන් නොව ‘ඔරෙෂ්නික්’ නවීන ආයුධයක් බව ද පුටින් පවසා තිබේ.

යුක්‍රේන වාර්තා අනුව ‘ඔරෙෂ්නික්’ (Oreshnik) යනු පැයට කිලෝ මී‍ටර් 12,300 ක් ඉක්මවන වාර්තාගත වේගයකින් ගමන් කරන රුසියානු අතරමැදි පරාස බැලස්ටික් මිසයිලයකි.

යුක්රේන හමුදාවට අනුව එම මිසයිලය යුධ හිස් හයකින් සමන්විත වන අතර, ඒ සෑම එකකම න්‍යෂ්ටික ප්‍රහාරක ගබඩා කළ හැකි බවත් සඳහන් ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *