2025 වසර ආරම්භයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය නෛතිකමය තත්ත්වයන් සකස්කරමින් ඇති බවත්, පෙර ඉදිරිපත්ව තිබූ නාම ලේඛනයන් අහෝසිකර නව අපේක්ෂකයන්ට තරගකළ හැකි ලෙස එම පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ මහතා පවසයි.
එම නීතිමය කටයුතු අවසන්කර ජනවාරි මාසයේ මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න