අගමැති හරිනි අලුත් විප්ලවයකට මුලපුරයි.!

මෙරට ජනතාව ඉල්ලා සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට වඩා එහාගිය පුළුල් පරිවර්ථනයක් කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කරයි.

අධ්‍යාපනයේ පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත් පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය සදහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත් එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එහිදී සදහන් කළාය.

Spread the news

Comments

“අගමැති හරිනි අලුත් විප්ලවයකට මුලපුරයි.!”ට එක් ප්‍රතිචාරයක්

  1. නිවැරදි හා සත්‍ය තොරතුරු ලබා දීම පිලිබඳව ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *