ඉන්දියාවෙන් තෙල් නළයක් එළීම ගැන කිසිම සාකච්ඡාවක් කළේ නැහැ..- බිල්ලො මවන නඩේට විජිතගෙන් උත්තර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව පවසා සිටියේය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යා කරමින් තෙල් නලයක් ඉදිකිරීමේ සාකච්ඡාවක් කලක සිට පැවැති බවත් එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට පමණක් එකඟතාවයකට පමණක් පැමිණි බවත් ඒ මහතා කියා සිටියේය.

නමුත් කිසිසේත්ම ඒ සඳහා වන අවසන් ගිවිසුමකට මෙම සංචාරයේදී එක් නොවූ බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් ඇති බවත් එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් එහිදී අවධානය යොමු වුවද ඒ මහතා සදහන් කලේය.

විවිධ කණ්ඩායම් දේශපාලන උවමනා මත බොරු ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ඔහු මෙහිදී සදහන් කලේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *