මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වීම සඳහා චීන වෛද්‍ය නෞකාවක් දෙසැම්බර් 21 සිට 28 දක්වා මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (19) පැවසීය.
කාර්ය මණ්ඩලය 200ක් සමඟ පැමිණෙන මෙම වෛද්‍ය නෞකාව මෙරට සෞඛ්‍ය පද්ධතියට සහාය දක්වනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.
එම මාධ්‍ය හමුවේදීම අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය විසින් පනවා තිබූ පර්යේෂණ යාත්‍රා සඳහා වන තහනම මේ වන විට ලිහිල් කර ඇති අතර විදේශීය පර්යේෂණ යාත්‍රා මගින් කරන ඉල්ලීම් රජය විසින් එක් එක් සිද්ධිය අනුව සළකා බලන බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න