පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළේය.
මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු නම්කර තිබේ.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු වන අතර, පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීම මෙහි තවත් අරමුණක් වේ.
Clean Sri Lanka බලකාය පහළින්…
- එන් එස් කුමානායක – ජනාධිපති ලේකම්
- යුද හමුදාපති
- නාවික හමුදාපති
- ගුවන් හමුදාපති
- වැඩබලන පොලිස්පති
- කුමුදු ලාල් ද සිල්වා – සභාපති – UDA
- අයි. එස්. ජයරත්න
- ගිහාන් ද සිල්වා
- සන්ධ්‍යා සල්ගාදු
- ගාමිණි බටුවිටගේ
- අනුරුද්ධ ගමගේ
- දිල්රුක් වනසිංහ
- දීපාල් සූරීයආරච්චි
- සිසිර අමරබන්දු
- ක්‍රිශාන්ත කුරේ
- ජයතු පෙරේරා
- රුවන් වීරසූරිය
- දයාන් කරුණාරත්න



ප්‍රතිචාරයක් ලබාදෙන්න