ගාල්ල බන්ධනාගාරය යුදපිටියක් වෙයි… ‘බටු මීයාට‘ ප්‍රහාරයක්.!

ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි.

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබූ අතර, බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.

එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

“බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.

මූලාශ්‍ර – අද දෙරණ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *