සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වය පහවයෑමෙන් පසුව සංශෝධිත තරග කාලසටහන් නිවේදනය කරන බව ක්‍රිකට් ආයතනය පැවසුවේය. 

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද පැවැත්වීමට සැලසුම් කර තිබූ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *