දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන තක්සින් ෂිනවත්රාට නිදහස හිමිව තිබේ.
බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තක්සින් ඔහුගේ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සිය සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහුට නිදහස හිමිවන බව සැලවීමත් සමඟ පක්ෂ ආධාරකරුවන් ද බන්ධනාගාරයට පැමිණ ප්‍රීති ඝෝෂා පවත්වා ඇති බව සඳහන්.
76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා 2001 වසරේ සිට 2006 වසර දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබීය.
ඔහුගේ ධූර කාලය අතර ඇති වු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම වී තිබුණි.
කෙසේවෙතත් එරට රජු විසින් එම සිර දඬුවම් කාලය වසරකට අඩු කිරීමට කටයුතු කළ නමුත් ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
පසුව හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්‍රා මාස 06ක කාලයක් රෝහලේ විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ කාමරයක ගත කර තිබු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් ඔහුගේ යහපත් හැසිරීම සහ වයස සැලකිල්ලට ගනිමින් ඔහුට නිදහස ප්‍රධානය කිරීමට එරට අධිකරණ අමාත්‍යංශය පසුගිය මාසයේ එකඟතාව පළ කර ඇත.
ඒ අනුව ඔහු වසරක සිර දඩුවම් කාලය මාස 08කට අඩුකරමින් මෙලෙස නිදහස හිමිව ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න