ට්‍රම්ප්ගෙන් රටවල් 3කට සද්දයක්.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා තිබේ.

කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු පැනවීමට ඔහු සැලසුම් කර ඇති බව සඳහන්.

චීනය, කැනඩාව සහ මෙක්සිකෝව යනු අමෙරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන්ය.

පසුගිය වසරේ අමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

එහෙත් 2018 වසරේ සිට චීනයෙන් අමෙරිකාවට භාණ්ඩ ආනයනය කිරීම අඩාල වී ඇති බවද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *