‘එච්- වන්- බී (H1-B) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන විදෙස් පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබේ.ඒ අනුව එය පෙර පැවති ගාස්තුව මෙන් 60 ගුණයක ඉහළ යාමක් බව වාර්තා වේ.වාර්ෂිකව මෙම වීසා කාණ්ඩය යටතේ වැඩිම අවස්ථාව ඉන්දීය ජාතික පුහුණු ශ්‍රමිකයින්ට හිමිව තිබූ අතර එය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ වන බව සඳහන් වේ.වීසා ගාස්තු ඉහළ දැමීමේ අමෙරිකානු රජයේ තීරණයත් සමග ඇතැම් අමෙරිකානු සමාගම් එම වීසා කාණ්ඩය යටතේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට අමෙරිකාවේ රැදී සිටින ලෙස හා රටින් පිටව සිටී නම් වහාම යළි පැමිණෙන ලෙස දැනුම් දී ඇත.මෙවැනි තත්ත්වයක් තුළ මානුෂීය වශයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති කරන මෙම තීරණය පිළිබඳව අමෙරිකානු බලධාරීන් යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ.එමෙන්ම ඉන්දීය රජය පවසන්නේ අමෙරිකානු රජයේ මෙම නවතම තීරණය මානුෂීය වශයෙන් ප්‍රතිවිපාක ඇතිකරන්නක් බවය. කෙසේ වෙතත් අමෙරිකානු ධවල මන්දිරය වැඩිදුරටත් පවසා සිටියේ මෙම නව ගාස්තු සංශෝධනය අලුතින් වීසා අයදුම් කරන පුද්ගලයින්ට පමණක් වලංගු වන බවය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න