තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබි සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ පොලිසිය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ද්‍රව්‍යවල පරීක්ෂණ කටයතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වු තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකවල දමා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීය.අනතුරුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සහ කඳාන ප්‍රදේශයෙන් ද එවැනිම ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා එහි සාම්පල අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලයට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.ඒ අනුව මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් අඩංගු බවට අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විටත් තහවුරු කර තිබේ.අදාළ ස්ථානයෙන් ලබාගත් සාම්පල 20න් 17කම මෙතැම්ෆෙටමීන් රසායනික ද්‍රව්‍ය අඩංගු වූ බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය ලබා දුන් වාර්තාවේ සඳහන් වෙයි.ඒ අනුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ද ඉදිරි සතිය තුල පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.කඳාන ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍ය වල පරීක්ෂණ වාර්තාව ද කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න