අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමිනි.ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියා සිදුකිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමිනි.එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි.මෙවන් පසුබිමක විදුලිබල වෘත්තීය සමිති අද (21) ප්‍රකාශ කළේ සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්ර කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ක්‍රියාවලට හා ටෙන්ඩර් පටිපාටිවලට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කරන බවය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න