සජබ – එජාප අද රෑ බර සාකච්ඡාවක.!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ප්‍රකාශයට පත් කර නොමැත.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්ශ්වය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.

ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *