කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නාමල්ට අධිචෝදනා ගොනු කරයි..!

කාල්ටන් රග්බී සුපර් සෙවන්ස් සදහා යැයි කියමින් ක්‍රිෂ් සමාගමෙන් ලබාගන්නා ලද රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රිෂ් ව්‍යාපෘතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ ආරම්භ කරන ලද ඩොලර් මිලියන 650 ක ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ කාලයේ දී ම අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා මෙරට ප්‍රභූවරු කිහිප දෙනෙකුටම මුදල් ලබා දී ඇති බවට චෝදනා එල්ල විය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියේ ය. ඒ, 2012 වසරේ නොවැම්බර් මාසයේ දී ය.

Spread the news

Comments

“කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නාමල්ට අධිචෝදනා ගොනු කරයි..!”ට ප්‍රතිචාර 2ක්

  1. ඉතාමත් වටිනා කම youtube නාලිකාවක් ාමත් වැදගත් අන්දමින් ප්‍රවෘත්ති ප්‍රකාශනයකට න්න ජනතාව දැනුවත් කරන ආණ්ඩුවක් හරි මගට ගන්න රටේ ජනතාවට විපක්ෂය වන වැරදි පෙන්වා දෙන ාම නාලිකාවක

  2. රට පාලනය කාලකන්නි පරාජයට පත්කර එලවා දැමුවද,මුන් රටට මුදාහල කාලකන්නිකම පරාජයට පත් කරන්ට අමාරැයි.කාලකන්නියෙක් රටක් පාලනය කරනවිට ඒරටත් කාලකන්නිවීම පුදුමයට කාරනාවක් නොවෙයි. ඒ කාලකන්නි අවාසනාවන්ත තත්වයෙන් රට මුදවා ගැනීම ලේසි පහසු කාර්යක් නොවන බව තේරැම් ගතයුතුවේ.කොන්දේසි විරහිතව මාලිමාවට ඡන්දය දුන් අයට නම් මෙය ප්‍රශ්නයක්ද⁣නොවේ.තේරැම් ගැනීමටද හැකි වේවි.බඩජාරි බත්බැලයෝ මෙය තේරුම් නොගන්නා බව පෙනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *