වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳසැල් 20කට වැඩ වරදී.!. දිවයින පුරා වැටලීම්.!

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ඊයේ (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කරගෙන තිබේ.

සහල් සඟවාගෙන සිටි වෙළෙන්දෙකු සහ කල් ඉකුත් වූ සහල් ගබඩා කරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා ඇති බවයි සඳහන් වෙන්නේ.

සහල් වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *