ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසයි.
එම නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කරන්නේ.
ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවත්, රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු බව ඔහු සඳහන් කරයි.
එය නිසි පරිදි ක්‍රියාත්මක වේ දැයි සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවට බලතල පවරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න