සහල් බෙදාහැරීමට රජය මැදිහත් වෙයි.!

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සහ කැකුළු සහල් හිඟය හේතුවෙන් සහල් බෙදා හැරීම සඳහා රජය මැදිහත් වී තිබේ.

ඒ අනුව සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය වෙළඳසැලක් සැල අසලටම සහල් ගෙන ගොස් තොග මිලට බෙදා හැරීමේ වැඩපිළිවෙලක් මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත.

ආනයනික සුදු සහල් රජය මැදිහත් වී නාවික හමුදා ලොරි රථ මගින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වෙළඳසැල් අසලටම ප‍්‍රවාහනය කරදෙමින් ඇත.

නාවික හමුදා ලොරි රථ හරහා මාතර දිස්ත්‍රික්කයේ සියලුම නගර වලට මෙම මේ ආකාරයෙන් සහල් ප්‍රවාහනය ආරම්භ කර තිබේ.

රුපියල් 205 ක් වන තොග මිදට වෙළඳසැල් සැලටම සහල් ගෙනැවිත් දීම මත යම් අඩු මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *