සජබ මන්ත්‍රී සෙට් එකක් රනිල් ළඟට.!

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් සජබ නායක සජිත් ප්‍රේමදාස හැරදමා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානයක් ඇතිකර ගැනීමට ඉඩ ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

“එජාප පක්ෂය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට කැමති සමගි ජන බලවේගයේ සාමාජිකයන් බොහෝදෙනෙක් සිටිනවා. ඔවුන් සමගි ජන බලවේගයේ නායකයා අතහැර සන්ධානයට එක්වීමට ඉඩ තිබෙනවා” යැයි දොස්තර සේනාරත්න ජනමාධ්‍ය වෙත සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස සන්ධානයක් ගැන උනන්දුවක් දක්වන බවක් පේන්නේ නෑ” යැයි රාජිත සේනාරත්න පෙන්වාදෙයි.

මෙයට ප්‍රතිචාර වශයෙන්, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, සජිත් ප්‍රේමදාස කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය සමඟ සංවාදය නතර කිරීමට කැමති නොවූ බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *