වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ දිනය පැවති අතර අද එහි අවසන් දිනයයි.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න