ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් – රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අඟවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යෑම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබේ.

එය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැනගන්නට ලැබේ.

විශේෂයෙන්ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බවද ඒ අනුව දැනගන්නට ලැබේ.

ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාළ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බව ද වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.

එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Spread the news

Comments

“ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් – රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අඟවයි.!”ට ප්‍රතිචාර 3ක්

  1. Udaya Sooriyaarachchi Avatar
    Udaya Sooriyaarachchi

    Aniwaryenma Janaadipathi thumage Arakshawa gena godak salakilimath viya yuthui.

    Ohu Dan Nikan Anura Kumaara Sahodaraya nemei mulu rateema Janaadipathi. Ohuta karadarayak unoth me rate 68 Lakshekage Sihina Bonda Wenawa kiyala ohu sithiya yuthui. Me Paathaalaya mehawana Dushitha Deshapaaluwo, Niladaarin saha Dushitha Polisiya Hamudaa Niladaringen Mohuwa Parissam Kalayuthui…. Janaadipathi thuma Prasidda Sthana walat yaama wahaama Nawaththanda kiyala kiyanda.

  2. Udaya Sooriyaarachchi Avatar
    Udaya Sooriyaarachchi

    Aniwaryenma Janaadipathi thumage Arakshawa gena godak salakilimath viya yuthui.

    Ohu Dan Nikan Anura Kumaara Sahodaraya nemei mulu rateema Janaadipathi. Ohuta karadarayak unoth me rate 68 Lakshekage Sihina Bonda Wenawa kiyala ohu sithiya yuthui. Me Paathaalaya mehawana Dushitha Deshapaaluwo, Niladaarin saha Dushitha Polisiya Hamudaa Niladaringen Mohuwa Parissam Kalayuthui…. Janaadipathi thuma Prasidda Sthana walat yaama wahaama Nawaththanda .

  3. තෙන්නකෝන් ඒ විජේවර්ධන Avatar
    තෙන්නකෝන් ඒ විජේවර්ධන

    සත්‍ය ලෙසම ජනාධිපති අනුර සහෝදරයාට දැඩිආරකෂාවක්අවශ්‍ය මොහොතක්. පාතාලයේ ක්‍රියාකාරකම් පාතාලයටම යවනතුරැ ජනාධිපති ආරක්ෂාව අවශ්‍යම කාරණාවකි. සියල්ලම පසෙකලා මුල්තැන දිය යුත්තේ ජනාධිපති ආරක්ෂාවටයි. වෙඩි නොවදින රථයකින් ගමන් කිරීමට කටයුතු කලයුතුය.ජරාපක්ෂලාගේ පාතාලය සතුව ප්‍රබලතම අවි තිබිය හැක.ස්නයිපර් වැනි ආයුධද නැතැයි කිවහැක්කේ කාටද? දිය බිංදුවක වුවද කිඹුලන් සිටීයැයි සැකසිතා කටයුතු කළයුතු කාලයකි මේ.ජනාධිපතිගේ විදේශ ගමන්ද තාවකාලිකව නවතා දැමීමට කටයුතු කලයුතුය. ඒ වෙනුවට වෙනත් විකල්පයක් ලෙස ජනාධිපති නියොජිතයකු යැවීම ප්‍රග්ඤාගෝචරවේ. Nppයේ සිටින සමහරුන් ගැනද සුපරීක්ෂාකාරී වියයුතුයි. මාවෝ සේතුං ලගින්ම සිටි ලිං පියාවෝ නැමැත්තා CIA කරැවකු බව හඳුනා ගැනීමට මාවෝගේ රහස් ඔත්තු සේවයට වසර 10කට ආසන්න කාලයක් ගතවූ බවයි මගේ මතකයනම්. නීතිය පසෙක තිබියදී හොදින් හෝ නරකින් පාර්ලිමේන්තු මහ ලේකම්, නීතිපතියා සහ පොලිස් කොමිසමද, බුද්ධි අංඅංශවල ත්‍රිවිධ හමුදාව තුල තවමත් හොල්මන් කරන ජරාපක්ෂලා ඇතුලු ජරා දෙශපාලුවන්ගේ ජරා කොන්ත්‍රාත් කරන දූෂිතයන්සහ ත්‍රාඩයන් එළවා දැමිය යුතුය.නැතහොත් ඉදිරි ගමනක් නැත. ජනවරම කුමටදැයි අමතක නොකළ යුතුය.ස්තුතියි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *