අලුත් අවුරුද්දට සහන මල්ල තීන්දුයි.!

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් ඊයේ (24) තෙවනවරට පාර්ලිමේන්තුවේදී රැස් විය.

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා විය.

එම වැඩසටහන සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියනයක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

උත්සව කාලසීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *