රන්දෙණිගල අරක්කුත් උසාවි කැඳවයි… කෝටි 135ක බදු පොලු

රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැරහැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනීසිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ ඊයේ (10) නියෝග කළේය.

කඩුවෙල, කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සරත් කුමාර විජේවික්‍රම, බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියකට මෙම නියෝගය නිකුත් කළේය.

2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැරහැරීමට එරෙහිව මෙම නඩුව දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් පවරා තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පියුමි නැමැති අධ්‍යක්ෂකවරිය පමණක් අධිකරණයේ පෙනීසිටියාය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ රිසාඩ් අමීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියේ වගඋත්තරකරුවන් විසින් නොගොවා පැහැරහරින ලද බදු සතියක් ඇතුළත ගෙවීමට කටයුතු කරන බවය.

කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු දක්වමින් කියාසිටියේ අදාළ බදු මුදල් ගෙවන්නේ නම් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *