අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ.
කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් අපේක්ෂා කල අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හැර දැමූ බව අදානි වරාය හා විශේෂ ආර්ථික කලාප සමාගම පවසයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිත බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න