සමන්ත විද්‍යාරත්න, වඩිවේල් සුරේෂ්ව පන්නයි…

හාලිඇල උනුගොල්ල බංගලාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිනා බවත් ඔහුව ඉන් වහාම ඉවත් කරන ලෙසට උනුගල්ල වතු පාලනාධිකාරියට දැනුම්දුන් බවත් ඊයේ (10) පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේය.

එමෙන්ම, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා එහිදී අනතුරු ඇඟවූයේ වඩිවේල් සුරේෂ් මහතාව ඉවත් නොකර අසාධාරණ ලෙස කටයුතු කළහොත් වතු සමාගම සමග ඇති ගිවිසුම් අවලංගු කරන බවට ය.

මාලිමා රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වූ දිවයිනේ ප්‍රථම දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීම මෙය වන අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදාදීම වහාම ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව අත්හිටුවීමට ද මෙහිදී තීරණය කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“අපට පේනවා ඉතා අසාධාරණ ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිසම විසින් දේශපාලනඥයින්ට හා ඔවුන්ගේ උවමනාවන්ට අනුව කටයුතු කරපු බව. ඒ නිසා විශාල අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. මේ නිසා LRC ඉඩම් බෙදාදීම වහාම අත්හිටුවීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව විසින් තීරණය කරනවා. ඒවාගේම සිදුවූ අසාධාරණයක් පිළිබඳව විමර්ශනයක් ද සිදුකරනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *