හදිසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුන් දෙනෙකු දින දෙකක් තුල මියයාම සම්බන්ධයෙන් ඊයේ (10) සිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා පවසා තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පවසා ඇත්තේ එලෙස මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.
උණ රෝගය වැළදීම නිසා මෙලෙස පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත් එම උණ රෝගය නිශ්චය වශයෙන් මෙතෙක් හදුණා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා ඇත.
මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැතිර යන මෙම හඳුනා නොගත් උණ රෝගී තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේද අවධානය යොමු වී තිබේ.
කෙසේවෙතත් එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසන්නීය.
මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඇය පැවසුවාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න