දුම්රියේ මහා වංචාවක් ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්…

ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ දුරගමන් සේවා දුම්රිය වල ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ය.

කිසියම් කණ්ඩායමක් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර බහුතරයක් වෙන්කර පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරන බවට පැමිණිලි ලැබී ඇතිබව ඔහු පවසයි.

මේ හේතුවෙන් සංචාරයේ යෙදෙන්නන්ට දැඩි පීඩාවක් සිදු වන අතර, එම ක්‍රියාවේ නිරත පුද්ගලයන්ගේ දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට බාරදී තිබේ.

ඒ අනුව අදාළ වංචාවෙ නිරත සියලු පුද්ගලයන් කඩිනමින් අත්තඩංගුවට ගැනීමට හැකි වනු ඇතිබව නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *