ප්‍රසන්න රණවීරගේ කප්පම් ගෝලයකු අත්අඩංගුවට.!

කප්පම් ලබා ගැනීම සහ ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක නිමන්ත පෙරේරා නැමැත්තෙකු පෑලියගොඩ පොලීසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර විසින් මෙහෙයවනු ලබන ගෝලයෙකු බවත් ඔහු කිරිබත්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දුමින්ද පෙරේරාගේ වැඩිමහල් සහෝදරයා බවත් වාර්තා වේ.

මොහු අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ අනවසර කඩයක් පවත්වාගෙන යන කාන්තාවකට තර්ජනය කර කප්පම් ඉල්ලීමේ සිද්ධියකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *