පරණ පොහොට්ටු මහින්දත් එක්ක තවත් සාකච්ඡාවක්.!

පොහොට්ටුවෙන් ඉවත්ව ගිය තවත් කණ්ඩායමක් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ලබන සතියේ සඳුදා පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.

මෙම විශේෂ හමුවද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් නොයෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් සිටිනා පිරිස් මෙලෙස කණ්ඩායම් වශයෙන් ගෙන්වා නැවත සවිධානයවීම සඳහා මෙම සාකච්ඡා පවත්වන බවත් වාර්තා වේ.

මෙහි ප්‍රථම වටයේ සාකච්ඡාව පසුගිය 27 වන දා පැවැත්විණි. ඊට පොහොට්ටුවෙන් ඉවත්ව ගිය හිටපු මැති ඇමතිවරුන් 20කට අධික පිරිසක් සහභාගී වූ බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *