ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කරන්නේ නම් ඒ සඳහා කොන්දේසි පැනවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන තෙක් දුරකතන ලකුණෙන් තරඟ කිරීමට සමගි ජන බලවේගය දැඩි ස්ථාවරයක සිටින බවද සඳහන් ය.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවයි.
එම එකඟතාව සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර සාකච්ඡා ධනාත්මකව ඉදිරියට යන බවත්, ඉන් අනතුරුව නායකයින් දෙදෙනා අතරද සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා පවසා ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න