තෙල් සංස්ථා හිටපු ලොක්කෙක් අත්අඩංගුවට.!

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මතයි මොහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *