පාර්ලිමේන්තුවේ කෑම මිල ගණන් සංශෝධනය වෙයි.! නව මිල ගණන් මෙන්න.!

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ.

තේ එකක මිල රුපියල් 200කි.

මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

Spread the news

Comments

One response to “පාර්ලිමේන්තුවේ කෑම මිල ගණන් සංශෝධනය වෙයි.! නව මිල ගණන් මෙන්න.!”

  1. Mohammed Nearsdeen Avatar
    Mohammed Nearsdeen

    ඉතාම වැදගත් කර්තව්‍යයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *