විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
ඒ මගින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.
ඒ අනුව අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර, විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න