2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ (23) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk හෝ http://www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සමත්ව ඇත්තේ 51,244 දෙනෙකු පමණකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න