ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය අත්හිටුවයි.!

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පියවර ගෙන තිබේ.

කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකරන බවට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල විය.

මේ තත්ත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය කළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව ද නිර්දේශ කළේය.

නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වූ අතර ඒ අනුව පසුගිය නොවැම්බර් 5 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරට ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණේ, මෙරට ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක වන ලෙසය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *