දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ සාමාන්‍ය සිර මැදිරියකට මාරු කරයි.!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බවයි.

දුමින්ද සිල්වා ගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටි අතර ඔහු සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බවයි.

වෛද්‍ය මණ්ඩලය ලබාදුන් නිර්දේශ අනුව මෙලෙස ඔහු සාමාන්‍ය සිර මැදිරියකට යොමු කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *