ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට පාතාල ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
පාතාල සාමාජිකයකු බව පුද්ගලයකු විසින් ඊයේ රාත්‍රියේ එල්ල කළ කඩු පහරක් හේතුවෙන් සාවිත්‍ර රන්මාල් ද සිල්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පාතාල සාමාජිකයන් පිරිසක් රත්මලානේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් ඔහුගේ අතකට තුවාල සිදුවී ඇතැයි පැවැසේ.
ප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මීට පෙර 2018 වසරේදී ධනංජය ද සිල්වාගේ පියා වූ රන්ජන් ද සිල්වාද පාතාල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්විය.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයකු විය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න