නව වසරේ පළමු දින 09 තුළ සංචාරකයන් 70,944 ක් දිවයිනට.!

2025 වසරේ ජනවාරි 01 සිට 09 දක්වා වූ කාලසීමාව තුළදී සංචාරකයන් 70,944ක් මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,749 ක් බවයි වාර්තා වන්නේ.

එසේම රුසියානු සංචාරකයන් 11,629 ක්, එක්සත් රාජධානියේ සංචාරකයන් 5‍,049 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3‍,055 ක්, ප්‍රංශයෙන් 2‍,714 ක්, චීනයෙන් 2‍,516 ක් හා ඇමෙරිකානු සංචාරකයන් 2‍,351 දෙනෙකුද පැමිණ ඇති බව සඳහන් ය.

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ පළමු දින 09ට සාපේක්ෂව, මේ වසරේ එම කාලය තුළදී සංචාරකයින් 13,101 දෙනෙකු වැඩිපුර පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Spread the news

Comments

One response to “නව වසරේ පළමු දින 09 තුළ සංචාරකයන් 70,944 ක් දිවයිනට.!”

  1. Sulaiman Faleel Avatar

    Adorable

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *