අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුවෙන් වැව් බැම්ම කැඩී යාමේ අවදානමක්!

වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවී ඇති බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් පවතින බවය.

ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබුණි.

ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක පමණ ගැඹුරින් යුතු අතර මේ හේතුවෙන් එම ස්ථානයේ ජල පීඩනයද ඉහළ මට්ටමක පවතී.

පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුද හමුදාව, පොලීසිය හා ගම්වාසීන්ගේද සහාය ඇතිව ජල කාන්දුව වසාදැමීමට දැඩි උත්සාහයක නිරත වුණි.

ඒ අනුව ඊයේ පස්වරුව වන විට වැලි කොට්ට යොදමින් පස් බැම්මේ ජලය කාන්දුවෙන ස්ථානය වසා දැමීමට හැකියාව ලැබුණි.

නමුත් වැව් බැම්මේ බිඳීගිය ස්ථානයේ ජල කාන්දුව මේ වනවිට යළි ආරම්භ වී ඇති බව වාර්තා වන අතර, යම් හෙයකින් වැව් බැම්ම කැඩී ගියහොත් ගම්මාන රැසකටම බලපෑම් එල්ලවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිටත් ගම්මානයේ පවුල් 30ක් සිය නිවාසවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *