බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිලන්තට වැඩ වරදී.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානයේ නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීමට ඔක්තෝබර් මස (14) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයක වන සුරාච් නිලංග විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර මෙම පෙත්සම කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එය සලකා බැලීම සඳහා මෙසේ දින නියම කරනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *