කුඩු රොශාන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.!

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

තිස් හය හැවිරිදි තිදරු මවක් වූ විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කරනු ලැබීය.

මෙම විත්තිකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කුඩු රොෂාන් නමැත්තාගේ බිරිඳ බවත් පැවසේ.

2021 වසරේ සැප්තැම්බර් මස 27 වන දා ලද බුද්ධි තොරතුරකට අනුව පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම විත්තිකාරිය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *