ඉන්ධන බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති අතර සාකච්ඡාවක් අද.!

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරුවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබු අතර එය ඊයේ (03) රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට එම සංගමය තීරණය කරනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *