ඉදි නොකළ මාර්ග සඳහා මිලියන 66 වංචාවකට අයෙක් අත්අඩංගුවට.!

මාර්ග සහ ක්‍රිඩාංගණ ව්‍යාපෘති සිදු කළ බව සඳහන් කරමින් ඉදි නොකළ මාර්ග සහ ක්‍රිඩාංගණ සඳහා මිලියන 66 ක් ගෙවීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ කාර්මීක නිළධාරී වයි. එම්. පී බණ්ඩාර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ 2016 සහ 2017 වර්ෂ වල දී සිදු කලා යැයි කියන මාර්ග සහ ක්‍රිඩාංගණ ව්‍යාපෘති 33ක් සඳහායි. එවකට සබරගමු පළාත් මාර්ග සංවර්ධන , ග්‍රමීය යටිතල පහසුකම් , සංචාරක සංවර්ධන , පළාත් මාර්ග නඩත්තු , ක්‍රිඩා සංවර්ධන හා යොෟවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇත්තේ අතුල කුමාර රාහුබද් ධ මහතායි.

මාර්ග සහ ක්‍රිඩාංගණ 33 ඉදි කර ඇති බවට අසත්‍ය මිනුම් පත්‍ර සකසා මෙම මිලියන 66ක වංචාව සිදු කරීම සම්බන්ධයෙන් මීට පෙරද පුද්ගලයින් 05 දෙනෙකු සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරයෙක් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කරන ලද පැමිණිල්ලක් අනුවයි මෙම පරික්ෂණය සිදු කර ඇත්තේ.

එසේම 2016/ 2017 වර්ෂ සඳහා සබරගමු පළාත් මාර්ග සංවර්ධන , ග්‍රමීය යටිතල පහසුකම් , සංචාරක සංවර්ධන , පළාත් මාර්ග නඩත්තු , ක්‍රිඩා සංවර්ධන හා යොෟවන කටයුතු අමාත්‍යංශයයට වෙන් කර ඇති මුළු මුදලෙන් 43% පමණ ඇඹිලිපිටිය බල ප්‍රදේශයට වෙන් කර තිබෙන බවත් සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *