2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ නෙරපාදැමීම සඳහා එවකට සිටි ඛනිජතෙල් අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනිය සමඟ එක්ව සිදුකළ කුමන්ත්‍රණයක් හේතු වූ බව අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා සිටියේය.
එවකට ඇමරිකානු තානාපතිනිය රෑට රෑට සිදුකළ සාකච්ඡා පිළිබඳව තොරතුරු තමාටද ලැබුනු බව පැවසූ මන්ත්‍රීවරයා ඛනිජතෙල් ඇමති විසින් තව දින 7කට පමණක් රට තුළ ඉන්ධන පවතින බව ප්‍රකාශ කිරීමෙන් පසුව ජනතාව බැරල් වලට තෙල් එකතු කිරීමට පටන් ගත් හෙයින් රටේ ඉන්ධන සියල්ල අවසන් වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එම ඇමාත්‍යවරයා එවකට තමා සමඟ පාර්ලිමේන්තුවේදී හැප්පුනු නමුත් අද ඔහු ගෙදර, තමා තාමත් මන්ත්‍රී බවද චාමර සම්පත් සඳහන් කළේය.
2022 වසරේ ඛනිජතෙල් සහ බලශක්ති අමාත්‍යවරු ලෙස උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ සහ කන්චන විජේසේකර යන තිදෙනාම කටයුතු කළ අතර අදාළ අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීම චාමර සම්පත් දසනායක විසින් ප්‍රතික්ෂේප මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න