ඇමති විජිත හෙට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි.!

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හෙට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය.

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරය අතරතුර, ඇමැතිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, හයිබරි හි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.

ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වර්සන් අගබෙකියන් සහ තවත් නායකයන් ද හමුවී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *