ශ්‍රීලන්කන් ගුවන් යානා 3ක් අවුරුදු ගාණක් භාවිතා නොකරම මාසෙට ඩොලර් ලක්ෂ 9ක වාරික ගෙවලා.!

ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් විය.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවය.

මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු හර්ෂණ සූරියප්පෙරුම මහතා, අමාත්‍යාංශය විසින් මෙම සැලසුම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *